උත්සව සමය උපාය මාර්ගික ව කළමනාකරණය කරනවා - රාජ්‍ය ඇමති
Tuesday, 14 December 2021 - 9:34 | Views - 8,231
එළඹෙන උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීමකින් තොර ව උපාය මාර්ගික ව තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එසේම ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් සහ මරණ 27ක් ද වාර්තා වුණා.

උත්සව සමය ආරම්භ වීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අංශ දිගින් දිගට ම අවධාරණය කර සිටිනවා.

ඒ හේතුවෙන් සාමුහික වශයෙන් ඒකරාශී වී හැකිතාක් අවම කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කෙසේ නමුත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ, නත්තල් සමය හෝ අලුත් අවුරුදු සමය කේන්ද්‍ර කර ගනිමින් සංචරණ සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, සීමා පැනවීම් සිදු නො කර බූස්ටර් එන්නත ලබාදීම ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එළඹෙන උත්සව සමයේ දී  පියවර ගෙන ඇති බවයි.

මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් වාර්තා වූ අතර මරණ 27ක් ද වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 13,575ක් නිවෙස් තුළ, රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top