ඩෙංගු යළි හිස ඔසවයි
Tuesday, 14 December 2021 - 9:18 | Views - 947
කොළඹ නගරයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වසරේ ගත වූ මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 5340 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිවයිනේ වැඩි ම රෝගීන් වාර්තා වී ඇත්තේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන්.

අනතුරු ව වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 3052ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2211ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1364ක් ද වාර්තා වී තිබෙනවා.

මෙම මාසයේ ගත වූ දින කිහිපයේ දී පමණක් මුළු දිවයිනෙන් ඩෙංගු රෝගීන් 258ක් හදුනාගෙන ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ  මුළු දිවයිනෙන් ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 18,108ක්.

පසුගිය වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,162ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top