ගෑස් අනතුරෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් නඩු මගට
Monday, 13 December 2021 - 11:55 | Views - 1,197
මහනුවර - කුණ්ඩසාල - නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ - විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එහිදී ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හෝ කිසිදු වගකිවයුතු ආයතනයක් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, කුරුවිට - බටුහේන ප්‍රදේශයේ ද ඊයේ පස්වරුවේ නිවසක ගෑස් ආශ්‍රිතව ඇති වූ සිදුවීමකින් 19 හැවිරිදි තරුණියක් ද තුවාල ලැබුවා.

මේ අතර, ලිට්රෝ ආයතනයට අයත් ගෑස් අඩංගු නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර, නව සංයුතියෙන් යුත් මෙම ගෑස් තොගය අද (13) සිට ගොඩබෑමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top