දරුවන්ට කඩිනමින් එන්නත දෙන්න
Monday, 13 December 2021 - 11:40 | Views - 1,396
වයස අවුරුදු 12ත් 15 ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම සඳහා අනුමැතිය ලැබී ඇති බැවින්, එම කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්රජිත් ප්‍රකාශ කළා.
උත්සව සමය පැමිණීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර තත්වය ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.
එසේම වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය තරම් එන්නත් මේ මොහොතේ පවතින බව ඔහු කියා සිටියා.
මීට අමතරව, වයස අවුරුදු 60 ඉක්මවූවන් බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බැවින් කඩිනමින් එය ලබාගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්රජිත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Share This Article