ගත වූ පැය 24 තුළ - පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
Monday, 13 December 2021 - 10:11 | Views - 760

අගුලාන පොලිස් වසමේ, සයුරපුර මහල්නිවාස සංකීර්ණය අසලදී, අගුලාන පොලිසිය විසින් ඊයේ (12)දින වැටලීමක් සිදු කර සැකකාර කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට පත්වන අවස්ථාවේ කාන්තාව ළග හෙරොයින් ග්රෑම් 07ක් තිබූ බවට සදහන්.
සැකකාරිය වයස අවුරුදු 26ක රත්මලානේ පදිංචිකාරිනියක්.
සැකකාර කාන්තාව, ඊයේ(12)දින මොරටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම මස 24 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අගුලාන පොලීසිය විසින් සිදු කරනු ඇති.
එමෙන්ම,නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ (12)දින පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කඳාන පොලිස් වසමේ වීදි මාවතේ දී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත් අඩංගුට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට පත් වන අවස්ථවේ සැකකරු ළග නීති විරෝධී මත්පැන් ලීටර් 465ක් තිබුණු බවට සදහන්.
එමෙන්ම,උස්වත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ද,නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට පත්ව තිබෙනවා.
එහිදී සැකකරු ළග තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 37ක්,මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 375ක්,තඹ දඟරයක් සහ ගෑස් ලිප් 01ක් පොලිස් බාරයට ගත් බවට සදහන්.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 48ක් හා 57ක් වන කඳාන ප්රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද(13)දින වැලිසර මහේස්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධීන් සම්බන්ධව කඳාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.
Share This Article