බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම පරීක්ෂා කිරීමට පොලීසිය විසින් ඊයේ (12) දින විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද නැද්ද යන්න පිළිබඳ සොයා බලීමට සහ කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුයි, මෙම සෝදිසි කිරීම පැවැත්වුණේ.
මෙම විශේෂ මෙහෙයුම මගෛන් ඊයේ දින රථවාහන අංශ නිලධාරින් විසින් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයින් නිසි ලෙස මුව ආවරණ භාවිත කරමින් ගමන් කරන්නේ ද යන්න පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා.
ඒ අනුව මෙම පරීක්ෂාවට යතුරුපැදි 2961ක් සහ ත්‍රීරෝද රථ 2721ක් යටත් වූ අතර, පරීක්ෂාවට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 8138ක්.
පොලීසිය විසින් මෙම සෝදිසි කිරීමේ දී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 1908 දෙනෙකුට දැඩි අවවාද ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.