රාජ්‍ය ආයතන සඳහා විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතයට - යෝජනාවක්
Saturday, 11 December 2021 - 15:50 | Views - 903
රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙම වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළා.

ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.

පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩ සටහනක් බවට පත්විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

විදුලි වාහන ආනයනය කිරීමේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනා ගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැළපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණය ඉන් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේද ආදිය මෙහිදී සොයා බැලිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම විදුලි වාහන ගෙන්වන්නේ නම් බදුවලින් නිදහස් කිරීම හෝ මුදල ඩීසල් වාහනවලට වඩා අවම විය යුතු යැයි ද දුමින්ද දිසානායක මෙහිදී අවධාරණය කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top