කොටදෙණියාව - වරාගල ප්රදේශයේ කුකුළු ගොවිපලක හටගත් ගින්නකින් සතුන් 8,200 ක් පමණ මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ කුකුළු ගොවිපලේ බිත්තර රකිමින් සිටි කිකිළියන් සහ තවත් කුකුළන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි.
අද පෙරවරුවේ ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
මීගමුව සහ ගම්පහ ගිනි නිවන ඒකක මගින් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.