අසම්මත ප්‍රේමය ලැගුම්හලේ තනිවෙද්දී වීඩියෝ තාක්ෂණයෙන් එකතු වූ බිරිඳ
Saturday, 11 December 2021 - 11:55 | Views - 12,895
සැමියාගේ ජංගම දුරකථනය ඔහු නොදැනුවත්වම වීඩියෝ තාක්ෂණය ඔස්සේ බිරියගේ ජංගම දුරකථනය හා සම්බන්ධවීමෙන් වූ ජංජාලයක් පිළිබඳව පුවතක් වාර්තා වනවා. 
 
 සිද්ධිය මෙසේය.
 
ඔහු රාජ්‍ය සේවයේ නියැලෙන්නේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේය. 
 
ඇය හා දරුවන් වෙසෙන්නේ කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක මායිමේ මඩහපොල කඳු සීමාවේය. 
 
සැමියා මාසයකට වරක් නිවාඩු ලබා නිවසට පැමිණෙන්නේය. 
 
එහෙත් දිනපතා නවීන තාක්ෂණය ඔස්සේ ළඟ සිටිනාවක් මෙන් මුහුණු බලාගෙන සංවාදයේ යෙදෙන්නේ දරු පැටවුන්ද ඒ සඳහා සහභාගි කරවා ගනිමිනි. 
 
දිනක් සැමියා නිවසට පැමිණ යළි එහි සේවය සඳහා යාමට නිවසින් පිටත් වූයේය. 
 
ඔහු යන ගමනේදී පවා වරින් වර මගතොටේ තොරතුරු බිරියට පැවසීය. 
 
දහවල් කාලයේ බිරිය නිදා සිටින විට ඇයගේ ජංගම දුරකථනය නාද වන්නට විය. 
 
ඇය එය පරීක්ෂා කිරීමේ දී තම සැමියා බව වැටහුණි. ඇය එය ක්‍රියාත්ක කළාය. 
 
එහෙත් සැමියාගෙන් වචනයක්වත් නැත. 
 
එහෙත් සිදුවන දේ ඇයට හොඳාකාරවම ඇසෙන්නේය. පෙනෙන්නේය. 
 
ඔහු නැවතී ඇත්තේ හෝටල් කාමරයකය. තවත් කතක් ඒ අසල සිටී. 
 
දෙදෙනාගේ මුකුළුව දෙස ඇය බලාගෙන සිටියාය. 
 
ඇයට යක්ෂයා ආරූඪ විය. ඇය සංවාදය විසන්ධි කළාය. 
 
ඇය යළි ඔහුගේ දුරකථනයට ඇමතුමක් දුන්නාය. තමා මහනුවර යන බව ඔහු කීවේය. 
 
‘‘මහනුවර යනවා නෙමෙයි හෝටලයේ කරන නාඩගම මම දැක්කා’’යි ඇය කියාගෙන ගියාය. 
 
සිදු වුදේ වටහා ගත නොහැකි වූ ඔහු එදා සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්නේත් නැතිලු. 
 
ඇඳුමක් ඇඳගෙන බිරියගේ හා දරුවන්ගේ මුහුණු බලන්නට ගෙදරට එන්නට නොහැකිව එම ස්ථානයේම රැඳී පසුතැවෙමින් සිටින බැවින් ඔහු කැඳවාගෙන ඒමට ගම්වාසීන් පෙළගැසෙන නමුත් බිරියගෙන් ඒ සඳහා අවසරයක් නැතිලු. 

සිසිර කැලේගම 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top