ජීවිත කාලයේ එක්වරක් දැකගත හැකි වල්ගා තරුවක් හෙට අහසේ
Saturday, 11 December 2021 - 11:15 | Views - 3,109
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට පියවි ඇසින් අහසේ දැක ගැනීමට හැකිවනවා.

සී - 2021 - ඒ - එක ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ලෙනාඩ් ලෙස නම් කර ඇත්තේ, ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් වශයෙන්.

ලෙනාඩ් වල්ගා තරුව හෙට උදෑසන කාලයේ කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් දැක ගත හැකියි.

ලොව අනෙකුත් ප්‍රදේශවලට එම වල්ගා තරුව නැවතත් දැක ගත හැකි වන්නේ හෙට ඉර බැස යාමෙන් අනතුරුව යි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කරන පරිදි ලෙනාඩ් වල්ගාතරුවේ පෘථිවියට ආසන්නතම පිහිටුම කිලෝමීටර් මිලියන 21.7ක් වනවා.

මේ නිසා එය පෘථිවිය මතට ඇද වැටී විනාශකාරි තත්ත්වයක් ඇතිවිය නො හැකි බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. 
  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top