ඔමික්‍රොන් වැළැක්වීමට තෙවැනි මාත්‍රාව අනිවාර්යයි
Saturday, 11 December 2021 - 8:19 | Views - 548
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නො වන බව බිත්‍රාන්‍ය විද්‍යාඥයින් පවසනවා.
ඒ එරට ඔමික්‍රොන් සහ ඩෙල්ටා ආසාදිතයන් ආශ්‍රයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව යි.
නව ප්‍රභේද එන්නත්කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මඟහැර යාමට සමත් වුවත් තුන් වැනි හෙවත් වර්ධක මාත්‍රාව මඟින් ඊට රැකවරණයක් සැලසෙන බවයි බිත්‍රාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ.
තුන් වැනි මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය 75% කින් පමණ වළක්වන බව එහි දී තහවුරු වී තිබෙනවා.
Share This Article