අතිසුඛෝපභෝගී මෝටර් රථයක් තහනම් මැද මෙරටට පැමිණියේ කොහොමද? (Photos)
Saturday, 11 December 2021 - 8:07 | Views - 822
ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 නවීනතම මෝටර් රථයක් අද (10) උදෑසන හම්බන්තොට වරායෙන් මෙරටට රැගෙන එනු ලැබුවා.

තීරු බදු රහිතව රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම මෝටර් රථය හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි වහාම කාගෙත් අවධානය ඊට යොමු වූයේ, රථවාහන ආනයනයට දැඩි සීමා පනවා ඇති පසුබිමක අදාළ රථය මෙරටට පැමිණියේ, කෙලෙස ද යන්න යි.

මේ වර්ගයේ මෝටර් රථයක්, සාමාන්‍ය තීරුබදු සහ ඊට අදාළ අනෙකුත් බදු එකතු වූ විට වටිනාකම රුපියල් කෝටි අටකට ආසන්න වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ මේ ඡායාරූප පෙළ, නෙත ගැටුණු සැණින් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලන්නට අප තීරණය කළේ ඊයේ (09) මුදල් අමාත්‍යවරයා මෙරට ආර්ථිකය වැටී ඇති දරුණු ප්‍රපාතය පිළිබඳවත් සිහියට නඟා ගනිමින්.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වරායෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් සිදු කළ විමසීම්වලදී අප සැමගේ සිත් තුළ කුකුසක් මතු කළ පැනයට පිළිතුරු ලැබුණා.

ඒ අනුව, මේ නවීනතම ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 වර්ගයේ මෝටර් රථය ආනයනය කර ඇත්තේ , තානාපති වරප්‍රසාද යටතේ අමරිකානු තානාපති කාර්යාලයට යි.

තානාපති කාර්යාලවලට නව රථවාහන ගෙන්වීම සඳහා කිසිදු බාධාවක් පැනවී නැහැ.

එමෙන්ම , රුපියල් කෝටි හයහමාරකට අධික අය විය යුතු බදු ද තානාපති කාර්යාල වෙත ආනයනය කරන රථවාහන වෙනුවෙන්, අය නොකෙරෙන්නෙ එයත් විශේෂ තානාපති වරප්‍රසාදයක් වන බැවිනුයි.

සමාජ මාධ්‍යයේ ප්‍රශ්නාර්ථ නඟමින්, සංසරණය වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙයයි. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top