2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි (Video)
Saturday, 11 December 2021 - 7:45 | Views - 368
2022 වසර සඳහා වන අයවැය 03 වන වර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ (11)දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 64 ක් පමණයි.

අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව ඊට එරෙහිව ඡන්දය භාවිත කළා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී මුදල් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනුණා.

ඊයේ පස්වරුවේ තුන්වන වර කියවීමේ අයවැය ඡන්ද විමසීමට පෙර පිළිතුරු කතාව කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ලබන වසරේ ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවීමේ හැකියාව රජය සතු බවයි.  






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top