2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි (Video)
Saturday, 11 December 2021 - 7:45 | Views - 369
2022 වසර සඳහා වන අයවැය 03 වන වර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ (11)දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 64 ක් පමණයි.
අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව ඊට එරෙහිව ඡන්දය භාවිත කළා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී මුදල් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනුණා.
ඊයේ පස්වරුවේ තුන්වන වර කියවීමේ අයවැය ඡන්ද විමසීමට පෙර පිළිතුරු කතාව කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ලබන වසරේ ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවීමේ හැකියාව රජය සතු බවයි.
Share This Article