වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට - කොරෝනා මර්දන එන්නත
Friday, 10 December 2021 - 15:24 | Views - 532
වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම්කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසටයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ කමනි ගුණරත්නගෙන් සිදුකළ විමසීමකදී ඇය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම මත ඉදිරියේදී දරුවන්ට එන්නත් ලබාදෙන දින සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර, වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ද අනුමැතිය හිමිව තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top