ඉදිරියේදී, පොදු ස්ථානවලට ඇතුලු වීමේදී, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද(10) දින කොවිඩ් කමිටුව රැස්වූ අවස්ථාවේදී.
එසේම, වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම්කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසටයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අධ්යක්ෂ කමනි ගුණරත්නගෙන් සිදුකළ විමසීමකදී ඇය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ දැනුම්දීම මත ඉදිරියේදී දරුවන්ට එන්නත් ලබාදෙන දින සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර, වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ද අනුමැතිය හිමිව තිබෙනවා.