සිලින්ඩරයේ දිනය පරීක්ෂා කර ගෑස් මිලදී ගන්න - බලශක්ති විශේෂඥයන් ඉල්ලයි
Friday, 10 December 2021 - 13:29 | Views - 815
ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදි එහි මුදුනත ඇති වෑල්වය වසර පහක් ඇතුළත වෙනස් කර ඇත්දැයි සැළකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගෑස් සිලින්ඩරයද වසර පහක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කළ යුතුයි.

ඒ අනුව, ගෑස් මිලදී ගැනීමේදී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි, ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

බලශක්ති විශේෂඥයෙකු වන අනිල් ද සිල්වා මේ බව සඳහන් කළේ, ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(09) දිනයේ නව ඇසුරුම සහිත ගෑස් සිලින්ඩරයක් පුපුරායාමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මතභේදාත්මක ගෑස් කාන්දුවීමේ සිද්ධීන් වාර්තාවීමෙන් පසු දිවයින පුරා ගෑස් බෙදාහැරීම පසුගිය සතියේ තාවකාලිකව නවතා දැමුණා.

යළි පසුගිය පස්වනදා සිට එම සැපයුම යථා තත්වයට පත් කරනු ලැබුවේ මෙරටට පැමිණි නව ගෑස් අඩංගු නෞකාවේ ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසුවයි.

එමෙන්ම, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වල ගෑස් ඇසුරුම් පාරිභෝගික අධිකාරියේ ඍජු මැදිහත්වීමෙන් වෙනස්කම්වලට ලක් කරනු ලැබුවා.

කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ, එම ක්‍රියාවලිය තවදුරටත් සූක්ෂමව සිදුකළ යුත්තක් බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ගෑස් සිලින්ඩරයේ වෑල්වය නිසි ප්‍රමිතියෙන් යුක්තදැයි පරීක්ෂා කිරීමේ හැකියාවක් තම අධිකාරිය සතුව නොමැති බවයි.

ඊට අදාළ ප්‍රමිතීන් කඩිනමින් සකස් කරන්නැයි අද දිනයේ ශ්‍රී ප්‍රමිති ආයතනයට දැනුම් දෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කළා.

එමෙන්ම ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ අපරික්ෂාකාරී ලෙස ගෑස් සිලින්ඩර බෙදාහැරීම යන චෝදනා යටතේ ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය සූදානම් වනවා.

ඊට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top