හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයින් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ වර්ජනය අද පෙරවරු 7ට අවසන් කළා.
වැටුප් විෂමතා ඉවත් කිරීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.