ඔමික්‍රොන් තර්ජනය හමුවේ එන්නත් සඟවන්න එපා - WHO ඉල්ලයි (Video)
Friday, 10 December 2021 - 8:19 | Views - 545
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අමතර මාත්‍රාවක් අවශ්‍යද යන්න නිශ්චිත වශයෙන් ම තහවුරු වී නොමැති වුව ද ධනවත් රටවල් සිය ජනගහණය වෙනුවෙන් එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් සඟවාගැනීමට කටයුතු කරන බවයි.

එමඟින් එන්නත් බෙදාහැරීමේදී ලොව පුරා පවතින අසමානතාව තවදුරටත් උත්සන්න වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ එන්නත් ප්‍රධානී කේට් ඕ බ්‍රයන් අනතුරු ඇඟවීමක්ද කළා.

ධනවත් රටවල් එලෙස එන්නත් මිලියන සංඛ්‍යාත එන්නත් මාත්‍රා සඟවා ගනිද්දී ඇතැම් දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයින් පවා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම දුෂ්කර වී ඇති බව ඇය පෙන්වා දුන්නා.

ලොව පුරා කොරෝනා එන්නත්කරණයේ අසමානතාව සමනය වීමක් පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණා.

ඒ, ධනවත් රටවල් එන්නත් ප්‍රදානය කිරීමට පෙලඹීමත් සමඟයි.

කෙසේ නමුත් ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ අනවශ්‍ය ලෙස එන්නත් එක්රැස් කිරීමෙන් තත්ත්වය වෙනස් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කේට් ඕ බ්‍රයන් කියා සිටියේ.

කෙසේ නමුත් ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම මූලික පරීක්ෂණවලින් අනතුරුව සඳහන් කළේ මුල් කොරෝනා ප්‍රභේදයට මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදය සඳහාද පූර්ණ රැකවරණයක් ලැබීම සඳහා එන්නත් මාත්‍රා 3ක් ලබාගත යුතු බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top