ගෑස් කතාවේ ඇත්ත නැත්ත ? (Video)
Friday, 10 December 2021 - 7:52 | Views - 794
ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම්වලට විසඳුමක් ලෙස නව මුද්‍රාවක් සහිත ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් කෙරුණත් එම සිලින්ඩර පිළිබඳවද මේ වනවිට සැකයක් මතුව තිබෙනවා.

ඒ, එම සිලින්ඩරවල නව මුද්‍රාව සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් තවදුරටත් වාර්තා වෙමින් පවතිනවා.

ලිට්රෝ ගෑස් සමාගම පසුගිය ඉරිදා ගෑස් සිලින්ඩරයේ නිල් පැහැති මුද්‍රාව වෙනුවට සුදු සහ රතු පැහැති මුද්‍රාවක් හඳුන්වා දුන්නා.

කෙසේ වෙතත්, රාගම ප්‍රදේශයේ කාන්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී තමන් මිලදී ගත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ මෙම සුදු සහ රතු පැහැති මුද්‍රාව පැවති බවටයි.

අප මේ පිළිබඳව ගවේෂණයක් සිදුකළ අතර, එහිදීද අනාවරණ වුණේ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කළ අවස්ථාවේදී එම සිලින්ඩර මුද්‍රා තබා ඇත්තේ ද සුදු සහ රතු පැහැති ඉටි ආවරණයකින් බවයි.

එසේ නම් සුදු සහ රතු පැහැති මුද්‍රාව සහිතව වෙළඳපොලට මේ වනවිට නිකුත් කෙරෙන ලිට්රෝ ගෑස් සිලින්ඩර නිසි පරිමාවෙන් එතිල් මර්කැප්ටන් අඩංගු කළ ගෑස් සිලින්ඩර ද නැතහොත් පැරණි සිලින්ඩර දැයි සැකයක් මතුව තිබෙනවා.

ලිට්රෝ ගෑස් සමාගමේ පාලනාධිකාරියෙන් අපට විමසීමට ඇති ප්‍රශ්නය වන්නේ නව ගෑස් සිලින්ඩරයක් බවට පෙන්වමින් මේ වන විට වෙළඳපොලට නිකුත්කරමින් පවතින්නේත් මතභේදයට තුඩුදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර හෝ පසුගිය දිනවල පිපිරීමට ලක් වූ ගැටලු‍ පවතින ගෑස් සිලින්ඩරමද යන්නයි.

මේ ගැන විමසීමට අප ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සහ කළත් ඔහු සුපුරුදු පරිදි දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ අතර, හැටන් - බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රතු සහ සුදු පැහැති ලේබලය සහිත නව ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිලදී ගෙන නිවසට ගොස් ලේබලය ගැලවීමේදී ඊට යටින් නිල් පැහැති පැරණි ලේබලය ද පැවති බවයි.

මේ සම්බන්ධයෙන්ද විමසීමට ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අප ලිට්රෝ සුරැකීමේ සංවිධානයෙන් කළ විමසීමක දී ඔවුන් පැවසුවේ ගෑස් සිලින්ඩර නැවත පිරවීමේදී මීට පෙර පැවැති මුද්‍රාවෙහි ඇතැම් කොටස් එහි ඉතිරි විය හැකි බවයි.

මේ අතර ගෑස් ආශිත සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම හෙට දිනයේ සලකා බැලීමට නියෝග කෙරුණා.

ඒ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top