2022 වාහන ආනයන සීමා (Video)
Friday, 10 December 2021 - 7:32 | Views - 1,212
ලබන වසර තුලදී රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එමෙන්ම එම වසර තුලදීත් පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.

මේවන විට මෙරට ආර්ථිකය බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති අතර මේ හේතුවෙන් පසුගිය මාස 4ක කාලය පුරා දැඩි ආනයන සීමා පැනවුණා.

කෙසේවෙතත් වාහන ආනයනය සඳහා මේ වසර මුලදී පැනවුණු සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම කිරිපිටි ආනයනය සඳහා මුදල් වෙන් කිරීමට ද හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඊට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදු කර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ අදහස් පළ කළේ, දින 26ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට තවත් දින 25කට අවශ්‍ය ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ව ඇති බවයි.

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අතර, ඒ අරභයා ඔහු කටාර් රාජ්‍යයේ නිල සංචාරයක ද නිරත වුණා.

නමුත් මේ දක්වා එම ණය මුදල හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමේ දීර්ඝ කාලීන ණය ගිවිසුම සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ කිසිදු දිනයක ඛනිජ තෙල් ආශ්‍රිත මිල දී ගැනීම් සඳහා ශ්‍රී ලංකා රුපියලෙන් ගෙවීම් සිදු කර නො මැති අතර, මෙවර එම අත් හදා බැලීම සිදු කිරීමට සැරසෙන්නේ පළමු වරටයි.

මේ අතර, ඊයේ සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි.

මේ අතර නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් බව රජය පවසනවා.

මෙරට විදෙස් සංචිත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී, අද (09)දින මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top