ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු (Video)
Thursday, 09 December 2021 - 16:51 | Views - 1,007
පසුගිය 3 වනදා පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අන්තවාදී ආගමික කල්ලියක මිලේච්ඡ පහරදීම හේතුවෙන් ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ නඩු කටයුත්තේදී විත්ති පාර්ශවය වෙනුවෙන් නීතිඥ සහය ලබා නොදීමට සියල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කිසිදු විත්තිකරුවෙකුට සියල්කොට් නීතිඥ සංගමයේ නීතිඥවරුන්ගේ සහය නොලැබෙනු ඇති.

ඊයේ (08) සියල්කොට් හිදී පැවති නීතිඥ සංගම් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවටයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විධායක කමිටු සාමාජිකයන් විසින් සාකච්ඡා කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ බලවත් කනස්සල්ල හා අප්‍රසාදය පළ කිරීමටත් එහිදී එකගතාවකට පැමිණ තිබෙනවා.

මේවන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකුට ගුජරන්වාලා ත්‍රස්ත මර්දන උසාවියේ චෝදනා ගොනුකර ඇති අතර එම සැකකරුවන් කිසිවෙකුට නීතිඥ සහයක් හිමිව තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ සැකකරුවන් තවත් දින 13ක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන 21 වනදා යළි කැඳවනු ඇති.

මේවන විට CCTV  කැමරා දර්ශන සහ ජංගම දුරකථන වීඩියෝ දර්ශනවල ඇති මුහුණු හඳුනාගැනීමේ නව තාක්ෂණය භාවිත කරමින් සිද්ධියට සැකපිට සැකකරුවන් 140ක් අත්අඩංගුවට ගැනීමට පන්ජාබ් පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රියන්ත කුමාර දියවඩන සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කළ රාජ්කෝ කර්මාන්ත ශාලාවේ සේවකයින් 345 දෙනනෙකු ආරක්ෂක අංශ විසින් ආරක්ෂිත නිවස්නයක රඳවාගෙන ප්‍රශ්ණ කරන බවත් පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් එම ආරක්ෂිත නිවස්නය පිහිටි ස්ථානය හෙළිදරව් කර නැහැ.

මේ අතර පාකිස්තානයේදී සිදුවූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ අමානුෂික ඝාතනයත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන කටයුතු සිදුකරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පාකිස්ථානයේ ප්‍රමුඛපෙළේ ජාත්‍යන්තර නිෂ්පාදන ආයතනවල විගණන කටයුතු සඳහා සහභාගී වී තිබෙන්නේ ශ්‍රී ලාංකික ආයතනයි.

ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු එම ආයතනවල විගණන කටයුතු සිදුකිරීම සඳහා මෙරට  ගණකාධිකාරීවරුන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්ථානු මාධ්‍ය වාර්තා කරන්නේ එරට ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අදාළ ප්‍රමුඛපෙළේ ආයතන මේ හේතුවෙන් ගැටලුසහගත තත්ත්වයකට මුහුණදී සිටින බවයි.

එම ආයතන බහුතරයක් ඇඟලුම් සහ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතන වනවා.

ශ්‍රී ලාංකික ගණකාධිකාරිවරුන් එලෙස විගණන කටයුතු සඳහා සහභාගී නොවීම නිසා ආසියානු කලාපයේ ඇතැම් විගණන කටයුතු සිදුකරන සමාගම්ද පාකිස්ථානයට සේවා සැපයීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතරල ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය පරිදි පහසුකම් නොලැබීම සම්බන්ධයෙන් පංජාබ්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් හසින් ජොයිආ මහතා පංජාබ් ආණ්ඩුකාරවරයා හමුවී ස්තූතිය පළකර
තිබෙනවා.

එහිදී පංජාබ් රජයෙන්ද ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට වන්දි මුදලක් පිරිනැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සහ වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් පංජාබ් පළාත් සභාව වෙත පාකිස්ථාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

මේ අතර, පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදි ඉටි පන්දම් දල්වමින් ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කෙරුණා.

පාකිස්ථාන හමුදා ප්‍රධානීන්ද ප්‍රියන්ත මහතාගේ ඝාතනය හෙළි දකිමින් ශෝකය පළකළා.

හෙට දිනය පාකිස්ථානය හෙළාදැකීමේ දිනයක් ලෙස නම්කර තිබෙන්නේද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සිහිපත් කරමින්.

මේ අතර මෙරට සිවිල් ක්‍රියාකාරිකයින්ද ඊයේ රාත්‍රියේ කොළඹ විහාර මහා දේවී පරිශ්‍රය ඉදිරිපිටට රැස්වී ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කළා.

ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ, ගනේමුල්ල - පොල්හේන පොදු සුසාන භූමියේදීයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top