භයානක ප්‍රභේදයේ අලුත්ම අනාවරණය (Video)
Thursday, 09 December 2021 - 14:13 | Views - 1,139
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ස්වභාවය සම්බන්ධයෙන් කල්තියා ප්‍රකාශ සිදු කළ නො හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නො වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.

එම වෛරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නො දැක්වූව ද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බවද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියා.

මේ අතර, පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් කිරීමට රජය ගත් තීරණය ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.

කොළඹදී අද මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම, ඔමික්‍රෝන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩිනම් ගේබි්‍රයේසස් පවසනවා.

ඔහු කියා සිටියේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා විකෘතිය තරම් බිහිසුණු නොවන බවයි.

මෙම ප්‍රභේදයේ බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නො කළද එය ඩෙල්ටා විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බවයි ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ පනවා තිබූ මාර්ගෝපදේශ කඩ කරමින් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූයේ යැයි 36 හැවිරිදි ෆින්ලන්ත අගමැතිනි සන්නා මරීන්ට චෝදනා එල්ල වනවා.  

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top