ප්‍රියන්තට පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් වන්දි මුදලක් (Video)
Thursday, 09 December 2021 - 11:22 | Views - 1,413
පන්ජාබයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි ආණ්ඩුකාර මන්දිරයේ ඊයේ(08)දින මුණ ගැසුණා..

එහිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා පන්ජාබ් ආණ්ඩුකාරවරයා ලබාදුන් සහයෝගයට ස්තුතිය පුදකිරීමටත්, ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයා අමතක කළේ නැහැ.

එහිදී පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා ප්‍රියන්ත කුමාර ගේ අභාවය හේතුවෙන්, මේ වන විට අසරණභාවයට පත්ව ඇති ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යම් සහනයක් සැලසිය හැකි දැයි පංජාබ් ආණ්ඩුකාරවරයාගෙන් විමසා තිබෙනවා.

ඊට ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ පංජාබ් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, මෙම ශෝක ජනක සිදුවීම හේතුවෙන් දිවි අහිමි වු ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් මූල්‍ය වන්දියක් ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම තවදුරටත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා නීති සම්පාදනය කිරීමටත් සිය ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මේ වනවිටත් පංජාබ් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස නව නීති යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු මෙහිදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයාට දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය පංජාබ් ප්‍රාන්ත සභාවේ දැැඩි ලෙස හෙළා දකින අතර, ඔවුන් පාකිස්තාන මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදි කරුවන්ට අධිකරණය හරහා උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.

මෙම සිදුවීම කිසිසේත් ශ්‍රී ලාංකිකයෙකු, ජාතියක්, ආගමක් ඉලක්ක කරගෙන සිදු කළ කටයුත්තක් නොවන බවත්, එය ආගමික උන්මාදයෙන් කුළුගැන්වුනු අන්තවාදී කල්ලියක ක්‍රියාවක් බවත් මෙහිදී පංජාබ් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top