ඔමික්‍රොන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ටේරඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කියා සිටියේ, අවසන් මොහොත වන තුරු නො සිට එන්නත් ක්‍රියාවලිය සිදු කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.
මේ අතර, දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් 20,000ක් පමණ ඊයේ වාර්තා වී ඇති අතර, ඔවුන්ට ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සැක පළ කරනවා.