මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට තුන් දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ත්‍රිරෝද රථ සඳහා යොදා ගන්නා බැටරි 8ක්, ඩී.වී, යන්ත්‍ර 3ක්, ජංගම දුරකථනයක් සහ සොරකම් කරන ලද ත්‍රිරෝද රථය ද සොයා ගත් බවයි.
අවුරුදු 29, 30 සහ 38 වන වයස්වල පසුවන සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
කෙසේ වෙතත් පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවැනි සොරකම් අද සමාජයෙන් බහුලව වාර්තා වන බැවින් මහජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි.