අපේක්ෂා නො කළ අවස්ථාවක දී මෙම ගෑස් ගැටලුව පෙරට ආ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
මේ පිළිබඳ යෝජනා හා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතිවන්ත වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම ගැටලුව විසඳා ගැනීමට තවදුරටත් යෝජනා හා අදහස් අවශ්‍ය බවයි.
මෙම ගැටලුව ගෑස්වල සංයුතියේ වෙනස් වීමක් මත සිදු වූවක් බවට අමාත්‍යවරයා නිගමනය කරනවා.
බරපතළ ගණයේ අභියෝග මැද කටයුතු කරන තම අමාත්‍යාංශය, මෙම ගැටලුව සම්බන්ධ සංවේදී යෝජනා හා අදහස් අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර, මුද්‍රා කඩා නැති, දැනට නිකුත් කර ඇති ගෑස් ඇති සිලින්ඩර නැවත කැඳවීමක් සිදු කරන ලෙසට ඊයේ ලිට්රෝ සමාගමට නියෝගයක් ද නිකුත් කෙරී තිබුණා.