“මට සමාවෙන්න ප්‍රියන්ත.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා..” (Video)
Thursday, 09 December 2021 - 9:20 | Views - 800
“මට සමාවෙන්න ප්‍රියන්ත.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා..”

පාකිස්ථානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දෙණ, කඩවත ගනේමුල්ලේ නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පළ කරමින්, මලික් අද්නාන් ඉහත වැකිය සටහන් කර තිබුණා.

එම වැකිය සහ මලික් අද්නාන් අතර ඇත්තේ, වෙන් කළ නොහැකි සබඳතාවක්. සාහසකයින් පිරිසක් ප්‍රියන්ත කුමාරව වට කරගෙන පහර දෙද්දි, තනි මලික් අද්නාන් එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා.
 
කෙසේ වෙතත්, එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.
 
සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට අද්නාන් කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා.
 
නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පාකිස්ථානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට පාකිස්ථාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන, තම්හා ඊ සුජාත් හෙවත් “මම සුජාත පාකිස්ථානුවෙක්“ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා.
 
ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාරගේ ඡායාරූපයක් පළ කරමින්, තවමත් පසුතැවෙන්නෙ ඒ ලතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්ථානුවයි. 

කෙසේ වෙතත් ප්‍රියන්ත කුමාරගේ දේහය ඊයේ (08) සවස් යාමයේ නෑදෑ සෝ සුසුම් මැදින් භූමදානය කෙරුනේ මෙලෙසයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top