පවතින තත්ත්වය ගැන විශේෂ සාකච්ඡාවක් අද
Thursday, 09 December 2021 - 7:46 | Views - 27,460

පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 757ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 569,928ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව දැක්වූණේ 11,928ක් ලෙසයි.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,533ක දක්වා ඉහළ ගියේ, ඊයේ මෙරටින් වාර්තා වූ මරණ 28ත් සමඟයි.
මේ අතර මෙරටින් වාර්තා වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන්ගේ ඔමික්‍රෝන් පරීක්ෂණ වාර්තා ඉදිරි දින 2 තුළ ලැබීමට නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.
පවතින තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් අද රාත්‍රී 7යි 30ට පැවැත්වීමට නියමිතයි.
ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන්.
ඔහු කියා සිටියේ, සම්පූර්ණයෙන්ම රට වසා දැමීමකින් තොර ව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවයි මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
Share This Article