ප්‍රසිද්ධ දේශපාලඥයෙකුගේ මරණ දැන්වීමට වෙනත් අයෙකුගේ රුවක් (Photos)
Tuesday, 07 December 2021 - 16:26 | Views - 1,493
වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ පරිනත පතාක යෝධයකු වූ රාජා කොල්ලුරේ මහතායි.

ලෝ පුරා පැතිර ගිය හෝ කොවිඩ් 19 මාරක වසංගතයෙන් ගැලවෙන්නට මේ පරිණත දේශපාලනඥයාටත් හැකිවුනේ නැහැ.

හරියටම මීට සතියකට පෙර කොවිඩ්-19 වැළදීම හේතුවෙන් ගිලන් වූ ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා කොතලාවල ආරක්ෂක පිීඨ රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උදෑසන සිය දිවි ගමනට නැවතීමේ තිත තැබුවා.

මොහුගේ මේ වියෝවත් සමග වයඹ පළාත පුරා ප්‍රාදේශීය සභා නගර සභා ආදියෙහි සිය ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් පළ කරන දැන්වීම් ප්‍රදර්ශනයට පියවර ගැණුනා.

මේ වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ මන්ත්‍රි මණ්ඩලය එක්ව රාජා කොල්ලුරේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කර තිබු දැන්වීමයි.

මෙහි විශ්මයට කරුණ වන්නේ මෙම ප්‍රාදේශීය සභාවේ එකදු සාමාජිකයෙකු හෝ සිය බල ප්‍රදේශයට අයත් ආණ්ඩුකාරවරයාගේ රුව කෙසේ වෙතත් ඡායාරූපය වත් දැක නොමැති ද යන්නයි.

මෙම දැන්වීමේ රාජා කොල්ලුරේ ගේ ඡායාරූපය වෙනුවට ඔවුන් ප්‍රදර්ශනය කර ඇත්තේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම හිටපු කොළඹ පුරපති වරයකුද වන මොහොමඩ් මුසාමිල් ගේ ඡායාරූපයයි.

අවම තරමින් සිය ආණ්ඩුකාරවරයාට ශෝකය පළ කිරීමට ප්‍රදර්ශනය‍ කරන දැන්වීමක් හරිහැටි කළමනාකරණය කරගත නොහැකි ප්‍රාදේශීය සභාවකින් එතැනින් එහාට දෙයක් බලාපොරොත්තු විය හැකිද????

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top