අද සහ හෙට විදුලිය කැපෙයි
Tuesday, 07 December 2021 - 13:46 | Views - 6,943
අද සහ හෙට (08) පස්වරු 06.00 සිට රාත්‍රී 09.30 දක්වා දෛනිකව පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් පසුගිය 03 වැනිදා මුළු දිවයිනටම සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර 2 යථා තත්ත්වයට පත් කරන තෙක් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි විදුලි බල අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article