ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික විද්වතාගේ දේහය මෙරටට ඊයේ රැගෙන ආවේ මෙලෙසින් (Video)
Tuesday, 07 December 2021 - 8:09 | Views - 514
පාකිස්ථානයේ දී අමානුෂික ලෙසින් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාරවරයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ඊයේ සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත ගෙන ආවේ මෙලෙසින්.
අප වාර්තාකරු සඳහන් කළේ, ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 186 දරණ ගුවන් යානයෙන් මෙරටට ඊයේ (06) පස්වරුවේ රැගෙන ආ බවයි.
ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව සඳහන්.
Share This Article