ගෑස් ආශ්රීත ගිනි ගැනීමකින් කාන්තාවක් මරුට
Tuesday, 07 December 2021 - 7:54 | Views - 600
ගෑස් ආශ්රිතව සිදු වූ ගින්නකින් පිළිස්සී තුවාල ලබා රෝහල්ගතව සිටි 68 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා.
මෙම කාන්තාව මාතලේ - උඩුපිහිල්ල ප්රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය පසුගිය නොවැම්බර් මස 19 වන දා පිළිස්සුම් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ බෑණනුවන් හිරු ප්රවෘත්ති අංශයට ප්රකාශ කළේ ගෑස් ආශ්රිතව සිදු වූ ගින්නක් හේතුවෙන් ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී අද (06) දිනයේ ජීවිතක්ෂයට පත් වූ බවයි.
මේ පිළිබදව හිරු ප්රවෘත්ති අංශය මාතලේ පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්රකාශකයෙකු සඳහන් කළේ, එය මේ දිනවල වාර්තා වන ගෑස් ආශ්රිත අනතුරුවලින් සිදු වූ මරණයක් නොවන බවටයි.
ඒ පිළිබදව පරීක්ෂා කිරීමක් ද සිදුකළ බව එම උසස් නිලධාරියා හිරු ප්රවෘත්ති අංශයට ප්රකාශ කළා.
Share This Article