පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාරගේ දේහය මේ වනවිට ලාහෝර් ගුවන් තොටුපලට රැගෙන විත් තිබෙනවා.
ශ්රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට පමණ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දේහය මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පාකිස්ථානයේ ශ්රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්රම ප්රකාශ කළේ.
ඒ අනුව දේහය රැගත් යානය පස්වරු පහට පමණ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා.