යුරෝපා රටවලට - පාප්වහන්සේගෙන් චෝදනා
Monday, 06 December 2021 - 9:57 | Views - 908
යුරෝපා රටවල් විසින් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත් හෙළා දකින බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළා.

මේ දිනවල ග්‍රීක දිවයිනක් වන ලෙස්බොස් හි සංචාරයක නිරතවෙමින් සිටින උන්වහන්සේ කියා සිටියේ ඔවුන් පටු ආත්මාර්ථකාමීත්වය සහ ජාතිකවාදය පෙරදැරිව කටයුතු කරන බවටයි.

නීතිවිරෝධීව යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ දරන්නන්ගේ ප්‍රධාන පිවිසුම් ස්ථානයක් ලෙස සැළකෙන ලෙස්බොස්හි පාප්තුමන් ප්‍රථම වරට සංචාරය කරනු ලැබුවේ 2016 වසරේදියි.

එදින සිට මේ දක්වා සංක්‍රමණික ප්‍රතිපත්තියේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව ඇති බවටයි උන්වහන්සේ චෝදනා කළේ.

මේ අතර පසුගිය මාසයේ ප්‍රංශය සහ එක්සත් රාජධානිය අතර ඩිංගි යාත්‍රාවකින් සංක්‍රමණය වීමට උත්සහ දැරූ 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 26,000 කට අධික පිරිසක් බි්‍රතාන්‍යයට සංක්‍රමණය වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වර්ධනයක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top