ලංගමයට නුසුදුස්සන් පත් වෙන බවට රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
Monday, 06 December 2021 - 9:12 | Views - 314
ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අහිතකර ක්‍රියාවලිය හා අවිධිමත් යාන්ත්‍රණය කුමන ආණ්ඩුව බලයට පැමිණිය ද වෙනස් කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
විශේෂයෙන් නුසුදුසු පුද්ගලයින් ලංගමයේ පත්වීම් ලබාගන්නා බව ඔහු සඳහන් කළා.
මේ හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල මඟහරවා ගැනීම සඳහා විධිමත් පටිපාටියකට අනුව සුදුසු පුද්ගලයින් පමණක් ලංගමයේ තනතුරුවලට පත්කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි ඔහු පැවසුවේ.
අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදයට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
දේශපාලනික මැදිහත් වීම් ප්‍රබල ව දැකිය හැකි ස්ථානයක් ලෙස ලංගමය හඳුනාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා, ආණ්ඩු මාරු වෙනවිට ම තනතුරු ද අක්‍රමත් ව මාරු වෙන බව අවධාරණය කළා.
කොන්දොස්තරවරයා ඩිපෝ අධිකාරි වීම, ටයර් මාරු කළ කම්කරුවා ඩිපෝ ඉන්ජිනේරුවරයා වීම වැනි තනතුරුවල වෙනස් වීම්, ආණ්ඩු මාරු වනවිට ම සිදු වෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
Share This Article