ප්‍රියන්ත කුමාරගේ දේහය අද සවස දිවයිනට (Video)
Monday, 06 December 2021 - 8:21 | Views - 340

පාකිස්ථානයේ සියල්කොට් නුව අමානුෂික ලෙස පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට දේහය මෙරටට රැගෙන එන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL186 දරණ යානයෙනුයි.
මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පාකිස්ථාන රජය විසින් වන්දි ලබාදීමට කටයුතු කරන බව පාකිස්ථාන ප්රවෘත්ති අමාත්‍ය ෆවාඩ් චෞද්රි මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී හිරු ප්රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
ලොවපුරා හදවත් සසල කරමින් පාකිස්ථානයේ අන්තවාදී සංවිධානයක් විසින් සිදුකළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මිලේච්ඡ ඝාතනය සැලවීමත් සමඟ හිරු ප්රවෘත්ති විශේෂ කණ්ඩායමක් පාකිස්ථානයේ සියල්කොට් නුවර බලා පිටත්ව ගියා.
සියල්කොට්හි රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන සේවය කර තිබූ අතර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සපයා ඇත්තේද මෙම ඇඟලුම් කර්මාන්තශාලාව මඟින්.
ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය තැම්පත් කෙරුණේ සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේයි.
එම රෝහලේදී සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හරහා අනාවරණ වන තොරතුරු වාර්තා කිරීම සඳහා හිරු ප්රවෘත්ති විශේෂ කණ්ඩායම ඊයේ පස්වරුවේ සිටම සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ රැඳී සිටියා.
ඒ අනුව ගවේෂණය කළ තොරතුරු අනුව අප කණ්ඩායම මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට සමත් වුණා.
හිසේ සිට නිය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී තිබෙන අතර ඇතැම් ශරීර අභ්‍යන්තර කොටස් දැඩි ලෙස හානි වී තිබූ බවද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
කැපුම් තුවාල හේතුවෙන් වෙන් වී තිබූ සිරුරු කොටස් සකස් කර මෘත දේහය ලාහෝර් පොලිසියට බාරදීමට කටයුතු කළ බවද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඝාතනය කෙරුණු ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ සිට පාකිස්ථානයේ ලාහෝර් නුවර දක්වා රැගෙන ගියා.
ඉන් අනතුරුව හිරු ප්රවෘත්ති විශේෂ කණ්ඩායම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළගාවී පාකිස්ථාන ප්රවෘත්ති අමාත්‍ය සහ රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්රි මහතා හමුවුණා.
ඉන් අනතුරුව හිරු ප්රවෘත්ති විශේෂ කණ්ඩායම පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හමුවුණේ ඉස්ලාමාබාද්හි පිහිටි ඔහුගේ නිල නිවසේදී.
මේ අතර අන්තවාදීන්ගේ අමානුෂික ඝාතනය හේතුවෙන් පාකිස්ථානයේ සියල්කොට් නුවර ජනතාව මේ වන විටත් දැඩි කම්පනයට පත්ව ඇති බව එහි රැඳී සිටින හිරු ප්රවෘත්ති විශේෂ කණ්ඩායම සඳහන් කළා.
ිඒබා මච - පාකිස්ථානයේ සියල්කොට්හි ප්‍රදේශවාසීන් පටු අන්තවාදයට බිලි වී අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මෘත දේහයේ අවශේෂ හෙට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කොළඹට රැගෙන ඒමට නියමිතයි.
මේ අතර, ප්‍රියන්ත දියවඩන මහතාගේ ඝාතනය සම්න්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ සියල්කොට් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, දැඩි ආරක්ෂාවක් යටතේයි.
පකිස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේල එහිදී සැකකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
ඔවුන්ව හෙට ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article