අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් 13 දෙනෙකු රිමාන්ඩ් (Video)
Monday, 06 December 2021 - 7:29 | Views - 5,125

ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු සියල්කොට් අධිකරණය විසින් රිමාන්ඩ් කර තිබෙනවා.ඔවුන් හෙට ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පාකිස්තාන විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදෙස් අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රියන්ත කුමාරගේගේ මෘතදේහය හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි. ඒ අනුව රජයේ වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මළ සිරුර රැගෙන එනු ඇති.මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් වෙත ලබාදීමට නියමිත වන්දි මුදල් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධ වී පාකිස්තාන බලධාරීන් සහ ඔහු රැකියාව කළ ස්ථානයේ නිලධාරීන් සමග මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටියා.මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවන් 120ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ සියල්කොට් නුවර ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇති බවයි එරට රැදී සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවට දැක්වෙන පුවරු රැගෙන පාකිස්තාන වැසියන් වීථි බැස සිය ශෝකය පළ කරනු දක්නට ලැබුණා.එම පුවරුවල දැක්වුණේ “සොරි ශ්‍රී ලංකා ” යනුවෙනුයි. එලෙස ශෝකය පළ කරන පිරිස අතරට කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් ද එක්ව සිටියා.
Share This Article