අමානුෂික ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි (Video)
Sunday, 05 December 2021 - 14:31 | Views - 5,265
පාකිස්ථානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී ඇති බවට අනාවරණ වූ අතර, ශරීරයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි හානි සිදුව තිබූ බව ද එහි සඳහන්.

කැපුම් තුවාල හේතුවෙන් වෙන්වී තිබූ සිරුරු කොටස් සකස් කිරීමෙන් අනතුරුව මෘත දේහය ලාහෝර් පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව ද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ සිට පාකිස්ථානයේ ලාහෝර් නුවර දක්වා රැගෙන ගියා.

මෙම අවස්ථාවට හිරු ප්‍රවෘත්ති අංශයේ විශේෂ කණ්ඩායමක් ද සහභාගි වූ අතර, ඔවුන් ඊයේ (04) පස්වරුවේ සිට සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහල් පරිශ්‍රයේ ද රැඳී සිටියේ මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීම සඳහායි.

එසේම හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අද (05) පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම හමුවුණා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය අද දිනයේ ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්ථාන මාධ්‍ය ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු සේවය කළ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟළුම් කම්හලේ සේවකයන් 900 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරන බවයි පාකිස්ථාන බලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් තල්හා සහ ෆර්හාන් ඉද්රීස් ද සිටින අතර, ඔවුන් හෙළිදරව් නොකළ ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

රාජ්කෝ ඉන්ඩස්ටී්‍රස් ඇඟළුම් කම්හල මේ වනවිට වසා දමා ඇති අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා පලායමින් සිටින බව වාර්තා වුණා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top