වැසුණු සපුගස්කන්ද නැවත ඇරෙන දිනය
Sunday, 05 December 2021 - 11:23 | Views - 571
ලංකා ඛනිජ තෙල් සංස්ථා තෙල්පිරිපහදුවේ කටයුතු 2021 දෙසැම්බර් 7 වන අඟහරුවාදා දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එදින උදැසන 10 සිට එහි කටයුතු වසා තැබීමෙන් පසු නැවත ආරම්භ වන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කෙරුනේ පසුගිය (නොවැම්බර් ) 15වෙනිදා යි.

මීට හේතුව ලෙස එදින අමාත්‍යාංශය සඳහන් කළේ පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීම යි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන්, මීට පෙර 2007 වසරේදී පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබුණා.

කෙසේ වෙතත් දින 50ක කාලයකට වසා දැමීමට මුලින් තීරණය කර තිබුණද , මෙම මස හත් වෙනිදා එය යළි විවෘත කිරීමට ගෙන තිබෙන තීරණයත් සමඟ තෙල්පිරිපහදුව වසා තිබු කාල සීමාව වෙනස් වෙනු ඇති.

මෙම මස 07 වෙනිදා යළි විවෘත වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 22 කට පසුවයි නැවත මෙලෙස යළි විවෘත කෙරෙනුයේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top