වැසුණු සපුගස්කන්ද නැවත ඇරෙන දිනය
Sunday, 05 December 2021 - 11:23 | Views - 572
ලංකා ඛනිජ තෙල් සංස්ථා තෙල්පිරිපහදුවේ කටයුතු 2021 දෙසැම්බර් 7 වන අඟහරුවාදා දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එදින උදැසන 10 සිට එහි කටයුතු වසා තැබීමෙන් පසු නැවත ආරම්භ වන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කෙරුනේ පසුගිය (නොවැම්බර් ) 15වෙනිදා යි.
මීට හේතුව ලෙස එදින අමාත්‍යාංශය සඳහන් කළේ පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීම යි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන්, මීට පෙර 2007 වසරේදී පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබුණා.
කෙසේ වෙතත් දින 50ක කාලයකට වසා දැමීමට මුලින් තීරණය කර තිබුණද , මෙම මස හත් වෙනිදා එය යළි විවෘත කිරීමට ගෙන තිබෙන තීරණයත් සමඟ තෙල්පිරිපහදුව වසා තිබු කාල සීමාව වෙනස් වෙනු ඇති.
මෙම මස 07 වෙනිදා යළි විවෘත වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 22 කට පසුවයි නැවත මෙලෙස යළි විවෘත කෙරෙනුයේ.
Share This Article