ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි ඊයේ සිය ජීවන ගමන නිම කළා. අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි සිටියේ.
සරත් චන්ද්‍රසිරි කලාකරුවාගේ දේහය, මේ වන විට, අංක 176/A බණ්ඩාරගම ගල්තුඩේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඔහුගේ අවසන් කටයුතු හෙට (සඳුදා 06) පස්වරු 4ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදි සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
