විදුලි විසන්ධි වීම් අවම කර ගැනීමට - යෝජනාවක්
Sunday, 05 December 2021 - 9:02 | Views - 765
රට තුළ විදුලි විසන්ධි වීම් අවම කර ගැනීම සඳහා අඩු වියදම් බලාගාර ස්ථාපිත කිරීමට වහා පියවර ගත යුතු බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් විදුලි ජනනයක් ඇති කිරීම ගැටලු සහගතවීමේ අවදානමක් පවතින බවයි.
පසුගිය 03 වැනිදා මුළු දිවයිනටම සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර 2 යථා තත්ත්වයට පත් කරන තෙක් සවස 6ත් රාත්‍රී 9.30ත් අතර පැයක කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය ඊයේ (04) නිවේදනය කළා.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, එලෙස විදුලි සැපයුම සීමා කිරීමට සිදුව ඇත්තේ එක් ප්‍රධාන බලාගාරයක් අක්‍රීය වූ සැනින් රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි විදුලිය ලබාදීම ගැටලු සහගතවීම හේතුවෙන් බවයි.
Share This Article