දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔමික්‍රොන් වැළඳී ඇති බව තහවුරු වී ඇතැ යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වශයෙන් නිවේදනය කළා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා, වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ රංජිත් බටුවන්තුඩාව මහතා සහභාගි වුණා.
අදාළ පුද්ගලයා දිවයිනට පැමිණීමේ දී ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඊයේ දිනයේ දී අසල්වැසි ඉන්දියාවෙන් ද ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.