ජනපති කමිටුව - අද මුතුරාජවෙල ලිට්රෝ පර්යන්තයට
Friday, 03 December 2021 - 10:14 | Views - 613
ගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීමේ ජනාධිපති කමිටුව අද මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ පර්යන්තය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ දිනයේදී කමිටුවේ සාමාජිකයින් පොලීසිය සමග එක්ව බස්නාහිර පළාතේ පිපිරීම් වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල, පාදුක්ක ප්රදේශවල නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකළා.
එසේම, අදාළ කමිටුව විසින් ක්ෂණික සහ ප්රායෝගික ක්රියාමාර්ග මහජනතාව වෙත නිර්දේශ ඉදිරිපත් කළ අතර, එහිදී නිර්දේශ 13 ක් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
Share This Article