ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට වේදිකා නාට්‍යය ක්ෂේත්රයේ නො මැකෙන සලකුණක් තබා ඇති සම්පත් තෙන්නකෝන් හිරු ටී.වී ඔස්සේ විකාශය වන දිවි තුරා ටෙලි නාට්‍යයේ ද රඟපෑමෙන් දායක වුණා.
ඒ, මෙම ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිත වන ඊෂාගේ සීයා ලෙසින්.
සම්පත් තෙන්නකෝන් මෙම නාට්‍යයේ රඟපෑමෙන් දායක වුණේ, 'සීයා තාත්තා' චරිතයටයි.
සම්පත් තෙන්නකෝන් මිය යනවිට හැට දෙහැවිරිදි වියේ පසු වුණා.
අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසනවා.