ලංකා ගුරු සේවා සංගමයෙන් - විශේෂ ප්‍රකාශයක්
Friday, 03 December 2021 - 9:26 | Views - 824
පාසල් සිසුන්ගේ මේ වසරේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති නව ලිපිය හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවට පත් ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් මහින්ද ජයසිංහ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, අදාළ ලිපියේ සඳහන් වන පරිදි විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි.
මේ අතර, තමන්ට හිමි රුපියල් දසදහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කළා.
වර්ජනය ආරම්භ කර අදට දින 17ක් ගත වූව ද මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ.
Share This Article