මෙරටින් ඊයේ දිනයේදී ආසාදිතයින් 738 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 565,471 දක්වා ඉහළ ගියා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 27ක්.
ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,399ක් ලෙස සටහන් වනවා.
මේ අතර, ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ, කුමන ප්‍රභේදයක් හමුවේ වූව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත් බවයි.