කෘත්‍රීම දත් ඇන්ද ගිලී - කතක් රෝහලේ
Friday, 03 December 2021 - 9:12 | Views - 1,560
බෙහෙත් බොන අවස්ථාවේදී කටේ තිබූ කෘත්‍රීම දත් ඇන්ද ගිලී උගුරේ හිරවී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කතක් පෙරේදා සවස් යාමයේ පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොල්පිතිගම බල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක් පමණ වයසැති මෙම කාන්තාව බෙහෙත් වීමට සුදානම් වෙන අවස්ථාවේදී
උඩු ඇන්දට සවිකර තිබු කෘත්‍රිම දත් තුනක් උගුරේ හිරවීම නිසා සිය සැමියා විසින් ඇය රෝහල් ගත කරනු ලැබ සිටියාය.
පොල්පිතිගම මුලික රෝහලේ හිරවූ දත් ගැනීමේ පහසුකම් නොමැති නිසා ඇය ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් සේවකයෙක් පැවසීය.
Share This Article