ධනංජය ද සිල්වාගේ ගාලු ශතකය - පියාගේ නමට වෙන් කරයි
Friday, 03 December 2021 - 8:26 | Views - 433
රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සෝබර්ස් තිසේරා කුසලාන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ නිමාවනවිට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 153ක් රැස් කර ගෙන තිබුණා.

ඊයේ සිය නිල ට්විටර් ගිණුම සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම ඔස්සේ ඡායාරූප කිහිපයක් එක් කරමින් ඔහු තබා තිබූ ඇතැම් සංවේදී සටහන් සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයක්.

ඒ අතරින් ඔහු ගාලු පිටියෙදි ලබාගත් ශතකය සිය පියාගේ නමට වෙන් කරන බව තබා තිබූ සටහන අතිශය සංවේදීයි.

ධනංජය ද සිල්වා ගේ පියා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වන්නේ 2018 වසරේදීයි.

ඒ වනවිටත් ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටීම විශේෂත්වයක්

එමෙන්ම ධනංජයගේ ශතකයට සුභ පැතුම් එක් කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තබා තිබූ සටහනක් කෙරෙහි ද මේ වනවිට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා

එම සටහනේ දැක්වෙන්නේ ඔබගේ 8 වැනි ටෙස්ට් ශතකයට මගේ සුභ පැතුම් නමුත් මතක තබාගන්න ඔබට හෙට දිනයේ පන්දු ඕවර පහළොවක් යැවීමට ඇති බව බවයි.

එයට පිළිතුරු සපයමින් ධනංජය පවසා ඇත්තේ තමන්ගේ දෙපා රිදෙන මුත් දෑත් ශක්තිමත් බැවින් එම අභියෝගයට තමන් සූදානම් බවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අතිශය නිරහංකාර ක්‍රීඩකයෙකු වන ධනංජය කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රකට ව ඇත්තේ අයිස්කුල් නමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top